Tuesday, November 29, 2022

පැරණි සන්නිවේදන ක්‍රම

 පැරණි සන්නිවේදන ක්‍රම 


සමාජයක පැවත්ම තීරණය කරන ප්‍රධාන සාධකය නම් එහි සමාජිකයන් අතර ගොඩ නැගෙන අන්තර් සම්බන්ධතා සහ අන්තර් ක්‍රියාවන් ය. අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යාමට සන්නිවේදන ක්‍රම අනිවාර්ය වේ. කුඩා ගෝත්‍රික කණ්ඩායම් ජීවත් වූ ආදිතම මිනිසුන් අතර ප්‍රාථමික සන්නිවේදන ක්‍රම මඟින් අදහස් උදහස් බෙදා ගත්හ. ගමක හෝ යම් පුළුල්  ප්‍රදේශයක ජීවත් වූ මිනිසුන් සියල්ලන්ටම පොදුවේ යම් පණිවිඩයක් දීම අවශ්‍ය විය. එක් ස්ථානයක සිට දුර ඇති තවත් ස්ථානයකට පණිවිඩ යැවීමට අවශ්‍ය විය. 

මේ සියලු සන්නිවේදන අවශ්‍යතාවන් සඳහාම අතීත මිනිසුන් විවිධ උපක්‍රම යොදා ගත්හ. ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සඳහා අඩබෙර, තල්පත්වල ලියූ පණිවිඩ ගැටගසන ලද පරෙයියන්, හූ කීම වැනි විවිධික්‍රම යොදාගත්හ. එකළ ජීවත්වූවෝ  තම අවශ්‍යතා සපුරා ගත්තේ ඉතා සරල අන්දමිනි.  ඔවුනොවුන්ගේ ජීවිත ද ඉතා සරල විය. එනිසාම ජීවන කටයුතු පවත්වාගෙන යාම ඉතා පහසු විය. තම පොල් අතු වහළයේ දිරූ සෙවිලි අතු කඩා අස් කර වහලයට නැඟ හූවක් තැබීමෙන් එය යළි සෙවිලි කිරීමට අසල්වැසියන් රැස් කර ගත්හ. ඒ අයුරින් එකිනෙකා ඔවුනොවුන්ගේ ජීවන කටයුතු සඳහා උදව් උපකාර කරගත්හ. එකී සියලුම කටයුතු සඳහා සරල සන්නිවේදන විධික්‍රම යොදා ගත්හ. 

පන්සලේ හෝ ගමේ හදිසි අවස්ථාවලදී පන්සලේ ඝණ්ටාරය නාද කිරීම හොඳම සන්නිවේදන ක්‍රමයක් විය. එවැනි අවස්ථාවලදී මිනිස්සු වහාම පන්සලට රැස්වීම සිරිතක් කොට ගත්හ. දුර ඈත ප්‍රදේශ දෙකක්  යා කරමින් පණිවිඩ යැවීමට යොදා ගත් සතුන් අතර සැළලිහිණියන්, පරෙවියන්, ගිරවුන් වැනි සතුන්ට ප්‍රධාන තැනක් හිමි වේ. එවැනි පැරණි සන්නිවේදන ක්‍රම රැසක් ලාංකීය ගැමි සමාජයේ දැකිය හැකි විය. 

Sunday, November 27, 2022

සමාජීය සාමය හා සහජීවනය බිඳ වැටීමේ ප්‍රතිඵල

 සමාජීය සාමය හා සහජීවනය බිඳ වැටීමේ ප්‍රතිඵල 



සමාජීය සාමය හා සහජීවනය බිඳ වැටීම යනු, විවිධ ජන කොටස් අතර පවතින විවිධත්වය ඉස්මතු වීම හා විවිධ බේදයන් උත්සන්න වීමයි..ඒ අනුව සමාජයේ සාමාන්‍ය ස්වරූපය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම සමාජීය සාමය හා සහජීවනය බිඳ වැටීමට හේතු වේ. එනම් සමාජයේ පවතින විවිධත්වය නොසලකා හැර විවිධත්වය තුළ පවතින පොදු සාධක මතු කර ගත හැකි ලෙස සන්නිවේදන ක්‍රියාවලිය සංවිධානය කර නොගැනීම සාමය හා සහජීවනය බිඳ වැටීමට හේතු වේ. 

සමාජය තුළ සාමය හා සහජීවනය බිඳ දැමීම සදහා උපකාර කරන විවිධ විෂය බලවේග සහ යටි අරමුණු සහිත පිරිස් සමාජය තුළම සිටියි. ඔවුන් සහජීවනය බිඳ දමන්නේ තම පෞද්ගලික හෝ තම වර්ගයාගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහාය. බොහෝවිට සීමිත සම්පත් බෙඳීයාමේ විෂමතාව තුළ තම පාර්ශවයට ඒවා අත්පත් කර ගැනීමට දරන උත්සාහයේදී  මෙම තත්ත්වය උදා වේ. එවැනි අවස්ථාවල සමාජයේ යහපැවැත්මට එරෙහි වන විනාශකාරී පාර්ශව හා බලවේග සමාජය තුළින්ම ඉස්මතු වේ. ඇතැම් සමාජයක සුළු ජන කණ්ඩායම් අරගල කරන අතර තවත් සමාජයක පහළම පන්තිය හෝ කම්කරුවන් අරගලවලට එක් වේ. මෙලෙස කුමන ආකාරයේ හෝ කල්ලි හෝ කණ්ඩායම් බිහි වී ඔවුන් අතර අරගල ඇතිවීමෙන් සිදුවන්නේ සමාජයේ සාමකාමී පැවැත්ම දෙදරා යාමයි. එවැනි අවස්ථාවක මතුවිය හැකි අනිසි ප්‍රතිඵල රැසකි.

  • නොසලකා හැරීම්
  • වාචික හිංසනය
  • දේපල හානි
  • පුද්ගල පහරදීම්
  • සොරා ගැනීම් හා පැහැර ගැනීම්
  • ළමා හා ස්ත්‍රී දූෂණ, ළමා හා කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම
  • ඝාතනය කිරීම්
  • ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලිය බිඳ වැටීම 
  • නීතිය සාධාරණත්වය වල් වැදීම
  • ආර්ථික විෂමතාව හා කර්මාන්ත අඩපණවීම
  • ත්‍රස්තවාදී ක්‍රියා
  • සමාජ සදාචාරය පිරිහීම
  • මූලික මිනිස් අයිතිවාසිකම් හා මානව ධර්මතා බිඳ වැටීම 
සමාජීය සාමය හා සහජීවනය බිඳ වැටීමේ අනිසි ප්‍රතිඵල අතරින් ඇතැම් ඒවා සමාජය තුළින් ක්ෂණිකව දෘෂ්‍යමාන වන අතර ඇතැම් ප්‍රතිඵල හදුනා ගත හැක්කේ සමාජීය ගවේෂණයක් මඟිනි.
දෘෂ්‍යමාන ප්‍රචණ්ඩ ස්වභාවයන් අහඹු සිදුවීම් ලෙස සැලකිය නොහැකිය. ඒවා හා බැදුණු මතු පිටට නොපෙනෙන අභ්‍යන්තර හේතු සාධක රැසක් පවතී. එබැවින් මතුපිට දෘෂ්‍යමාන හෙවත් සෘජු ප්‍රචණ්ඩත්වයට පදනම් වන අභ්‍යන්තර හෙවත් අදෘෂ්‍යමාන ප්‍රචණ්ඩත්වයක් ද ඇති බව සමාජවේදීන් පෙන්වා දෙති.
ඉහත සටහනින් පෙනී යන්නේ සමාජයේ මතුපිට හා අභ්‍යන්තර ව්‍යුහයන් තුළ පවතින ප්‍රචණ්ඩත්වය යි. දෘෂ්‍යමාන සෘජු ප්‍රචණ්ඩත්වය මතුපිට සමාජයේ පවතින අතර ඊට හේතු සාධක වන අදෘෂ්‍යමාන වක්‍ර ප්‍රචණ්ඩත්වය සමාජ ව්‍යුහයේ මුල් බැසගෙන පවතී.
සමාජය තුළ තිරසාර සාමයක් ගොඩනැගීමට නම් මතුපිට සමාජයේ පවතින සෘජු ප්‍රචණ්ඩත්වය පමණක් අහෝසි කිරීම ප්‍රමාණවත් නොවේ.ඒ සඳහා සමාජ ව්‍යුහයේ පවතින වක්‍ර ප්‍රචණ්ඩත්වයද අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතු ය.

Wednesday, November 23, 2022

ඇබ්බැහි වීම

 ඇබ්බැහි වීම



                           ආදරය මත්ද්‍රව්‍යක් වගෙයි 

                           වරක් එය ලබා ගත්තොත් 

                           අත්හැරිය නොහැකි වෙයි 

                           නොගෙන හිටියොත් 

                           ඔබ ගිලන් වෙයි 

                           එයින් මිදුනොත් 

                           ඔබ විනාස වෙයි .....





Tuesday, November 22, 2022

ග්‍රීසියේ බිහි වූ මහා දාර්ශනිකයා

 සොක්‍රටීස්

 

"මා දත් දේ ගැන මෙනෙහි කිරීමේදී මා කිසිවක් නොදන්නා බව මට වැටහිනි"

ග්‍රීසියේ බිහි වූ මහා දාර්ශනිකයාගේ සුප්‍රකට කියමනකින් මේ සටහන ආරම්භ කිරීමට තීරණය කළේ එය අදටත් වඩාත් ඔබින නිසාය. ඔඅබ නියෝජනය කරන වත්මන් පරපුර නිතරම තමන් දන්නවා යැයි සිතමින් කටයුතු කිරීම සුලබ දසුනකි. මේ නිසා මේ තරුණයෝ කිසිවෙකුගේ උපදෙස් නොතකති. තමන් අනුදත් සීමාවෙන් එපිටම නොසිතති. බැලූ බැල්මටම මෙය ඉතා රැසකල් ක්‍රියාවක් ලෙස ඔවුන්ට දැනෙයි. එහෙත් රැසකල් යනු එය නොවෙයි. මෙය මෝඩකමකි. නිතරම තමන් සියල්ල නොදන්නා බවත් දැනගැනීමට තවත් බොහෝ දේ ඇති බවත් මතක තබා ගන්න. මිනිසුන් මරණය තෙක්ම අධ්‍යාපනය ලබන බවට ඇති පොදු පිළිගැනීමට අවනත වන්න. මේ ඉගෙනීම යනු පොතපතින් පමණක් ලබන දැනීම නොවේ. සමාජයෙන් අත්දැකීමවලින් ලැබෙන දැනුම  ඊට වඩා විශාල වේ. අනාගත ඉලක්ක නිසි පරිදි සපුරා ගැනීමට මේ නොතිත් අධ්‍යාපනයට ඔබ සූදානම් විය යුතුයි. ඒ නිසා හැම මොහොතකම අලුත් දැනුමක් අපේක්ෂාවෙන් හුස්ම ගන්න. එවිට දැනුම ඔබට ජීවය දිය හැක.



Saturday, November 19, 2022

වරුසාව

 වරුසාව



වරුසාව අරුමෙකි

මහා අරුමෙකි

කුමක් වේවිද 

කවුරුනම් දනී


සිහිල් සුළඟට හාදු දෙනවා

හීන් වැහිපොද වඟුරුවාවිද

නබෝගැබ කලු වලා අතුරා

මහා වරුසා ඇදහෙලාවිද


මලින් සනහා ළදළු තුරු වැල්

වසන්තයේ අසිරිය මවාවිද

සොරොව් බිඳ උතුරා ගලාවිත්

කුඹුරු අස්වනු යට කරාවිද












Friday, November 18, 2022

ඉතිහාසය වෙනස් කල හදවතක වීරත්වය

ඉතිහාසය වෙනස් කල හදවතක       වීරත්වය



ඉතිහාසය නෝකී මේ කතාව අපට මුන ගැසෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය අතර මැද අපේ කතා නායකයා නිකලස් වින්ටන්.

වින්ටන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.1938 දී ඔහු ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කරන්න යනවා.හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව සදහා තියෙන දැඩි කැමැත්ත නිසා ඔහුගේ අරමුණ වුනේ නිවාඩුව ක්‍රියාශීලි ව ගත කීරීම.

ඒත් වින්ටන් තමන්ගේ නිවාඩුව අතර මග නතර කරලා චෙකෝස්ලෝවියාවට ගමන් කරනවා .ඒ දෙවෙනි ලෝක යුද්ධයේ උනුසුම සමග එහි ස්තාපිත කර තිබූ මානුෂිය සේවා ආදාර සපයන කන්ඩායමක සිටි මිතුරෙකු ගේ සහයට.

මිතුරා සමග වැඩ කරමින් සිටින     අතර වාරයේ ජන්මානු හමුදාව අතින් පිඩාවට පත්වෙන යුදෙව්වන් ගේ සැබෑ තත්ත්වය වින්ටන් දෑසින්ම දකිනවා.

වින්ටන් ගේ ජිවිත ගමන වෙනස්   වන්නේ ඒ ඇති වුනු තිගැස්ම සහා කම්පාව නිසා.තමන් නතර වී සිටි හෝටල් කාමරය යුදෙව් දරැවන් ගලවා ගැනීමේ  මද්‍යස්තානයක් බවට පත් කරන ඔහු එතැන් පටන් විවිධ උපාය උපක්‍රම මගින් දහස් ගනනක් යුදෙව් දරැවන් ගේ ජීවිත බේරා ගැනීමට සමත් වෙනවා.

වින්ටන් ට  මේ කාර්‍ය නිදහසේ කරගෙන යන්න ජර්මානුවන් ඉඩ ලබා දෙන්නේ නෑ. වින්ටන් තිර්නාත්මක තීරණාත්මක මෙහෙයුමක් අරබන්නේ මේ අතර ,ඒ කින්ඩර් ට්‍රාන්ස්පෝර්ට් නැමැති මෙහෙයුම මගින් දුම්රියකින් දරැවන් දහස් ගනනක් චෙක් ජනරජයේ න් පන්නාගෙන බ්‍රිතාන්‍ය යට ගෙනයාම.

දැඩි දුශ්කරතා මද්‍යයේ වින්ටන් දියත් කල මෙහෙයුම සාර්ථක වෙන්නේ යුදෙව් දරැවන් ගේ ජීවිත ආරක්ෂා කරමින්.ඔවුන්ගේ දෙමාපියන් ජර්මන් වදකාගාරවල මිය ගියත් ,දරැවන් ගේ ජිවත බුක්තිවිදින්න මේ හරහා අවස්තාව ලැබෙනවා .වින්ටන් කල මේ මානුෂිය මැදිහත් වීම නිසා පසුකලෙක ඔහුට නයිට් මානයක් පවා හිමි වෙනවා

Sunday, November 6, 2022

වටිනාකම

                  වටිනාකම 



රෝස ඕකිඩ් තරම්

ඔප වැටුණේ නැති වුණාට 

නෙළුම් අරලිය තරම්

සුවඳ විහිදුවේ නැති වුණාට 

පිච්ච වතුසුදු වගේ

බුදු පා ළඟ නොපිදුවාට

කටු අග්ගිස්සේ පිපුණු 

නිදුකුම්බා මලත් ලස්සනයි

කවුරුවත් නොබැලුවාට





Thursday, November 3, 2022

මතක


   මතක


 

අල්ලන්න බැරි තරු

අල්ලන්න බැරි බව

දැන දැනත්

අපි ආදරෙයි...

හඳේ හාවා අපිට

ගොඩාක් ඈතයි

ඒත් අපි තාමත් 

හඳට ආදරෙයි....

ලංවෙන්න බැරි වුනත්

නුඹට බැඳි සෙනෙහස

මේ හිතේ තාමත්

එලෙසමයි....

මතක කොහොමත් 

හිත අස්සේ

සදාකාලිකයි.....










වැළඳගැනීමක්

වැළඳගැනීමක් ඔබ වෙනුවෙන් තිළිණයක් හමුවුණා මිලක් රහිතය බැටරි අනවශ්‍යයි බදුවලින් නිදහස් නිහඩව සිදුවන්නක් අතිශයින් පෞද්ගලිකයි සම්පූර්ණයෙන් නැවත ...