Tuesday, November 29, 2022

පැරණි සන්නිවේදන ක්‍රම

 පැරණි සන්නිවේදන ක්‍රම 


සමාජයක පැවත්ම තීරණය කරන ප්‍රධාන සාධකය නම් එහි සමාජිකයන් අතර ගොඩ නැගෙන අන්තර් සම්බන්ධතා සහ අන්තර් ක්‍රියාවන් ය. අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යාමට සන්නිවේදන ක්‍රම අනිවාර්ය වේ. කුඩා ගෝත්‍රික කණ්ඩායම් ජීවත් වූ ආදිතම මිනිසුන් අතර ප්‍රාථමික සන්නිවේදන ක්‍රම මඟින් අදහස් උදහස් බෙදා ගත්හ. ගමක හෝ යම් පුළුල්  ප්‍රදේශයක ජීවත් වූ මිනිසුන් සියල්ලන්ටම පොදුවේ යම් පණිවිඩයක් දීම අවශ්‍ය විය. එක් ස්ථානයක සිට දුර ඇති තවත් ස්ථානයකට පණිවිඩ යැවීමට අවශ්‍ය විය. 

මේ සියලු සන්නිවේදන අවශ්‍යතාවන් සඳහාම අතීත මිනිසුන් විවිධ උපක්‍රම යොදා ගත්හ. ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සඳහා අඩබෙර, තල්පත්වල ලියූ පණිවිඩ ගැටගසන ලද පරෙයියන්, හූ කීම වැනි විවිධික්‍රම යොදාගත්හ. එකළ ජීවත්වූවෝ  තම අවශ්‍යතා සපුරා ගත්තේ ඉතා සරල අන්දමිනි.  ඔවුනොවුන්ගේ ජීවිත ද ඉතා සරල විය. එනිසාම ජීවන කටයුතු පවත්වාගෙන යාම ඉතා පහසු විය. තම පොල් අතු වහළයේ දිරූ සෙවිලි අතු කඩා අස් කර වහලයට නැඟ හූවක් තැබීමෙන් එය යළි සෙවිලි කිරීමට අසල්වැසියන් රැස් කර ගත්හ. ඒ අයුරින් එකිනෙකා ඔවුනොවුන්ගේ ජීවන කටයුතු සඳහා උදව් උපකාර කරගත්හ. එකී සියලුම කටයුතු සඳහා සරල සන්නිවේදන විධික්‍රම යොදා ගත්හ. 

පන්සලේ හෝ ගමේ හදිසි අවස්ථාවලදී පන්සලේ ඝණ්ටාරය නාද කිරීම හොඳම සන්නිවේදන ක්‍රමයක් විය. එවැනි අවස්ථාවලදී මිනිස්සු වහාම පන්සලට රැස්වීම සිරිතක් කොට ගත්හ. දුර ඈත ප්‍රදේශ දෙකක්  යා කරමින් පණිවිඩ යැවීමට යොදා ගත් සතුන් අතර සැළලිහිණියන්, පරෙවියන්, ගිරවුන් වැනි සතුන්ට ප්‍රධාන තැනක් හිමි වේ. එවැනි පැරණි සන්නිවේදන ක්‍රම රැසක් ලාංකීය ගැමි සමාජයේ දැකිය හැකි විය. 

2 comments:

වැළඳගැනීමක්

වැළඳගැනීමක් ඔබ වෙනුවෙන් තිළිණයක් හමුවුණා මිලක් රහිතය බැටරි අනවශ්‍යයි බදුවලින් නිදහස් නිහඩව සිදුවන්නක් අතිශයින් පෞද්ගලිකයි සම්පූර්ණයෙන් නැවත ...