සොක්‍රටීස්
"මා දත් දේ ගැන මෙනෙහි කිරීමේදී මා කිසිවක් නොදන්නා බව මට වැටහිනි"
ග්‍රීසියේ බිහි වූ මහා දාර්ශනිකයාගේ සුප්‍රකට කියමනකින් මේ සටහන ආරම්භ කිරීමට තීරණය කළේ එය අදටත් වඩාත් ඔබින නිසාය. ඔඅබ නියෝජනය කරන වත්මන් පරපුර නිතරම තමන් දන්නවා යැයි සිතමින් කටයුතු කිරීම සුලබ දසුනකි. මේ නිසා මේ තරුණයෝ කිසිවෙකුගේ උපදෙස් නොතකති. තමන් අනුදත් සීමාවෙන් එපිටම නොසිතති. බැලූ බැල්මටම මෙය ඉතා රැසකල් ක්‍රියාවක් ලෙස ඔවුන්ට දැනෙයි. එහෙත් රැසකල් යනු එය නොවෙයි. මෙය මෝඩකමකි. නිතරම තමන් සියල්ල නොදන්නා බවත් දැනගැනීමට තවත් බොහෝ දේ ඇති බවත් මතක තබා ගන්න. මිනිසුන් මරණය තෙක්ම අධ්‍යාපනය ලබන බවට ඇති පොදු පිළිගැනීමට අවනත වන්න. මේ ඉගෙනීම යනු පොතපතින් පමණක් ලබන දැනීම නොවේ. සමාජයෙන් අත්දැකීමවලින් ලැබෙන දැනුම ඊට වඩා විශාල වේ. අනාගත ඉලක්ක නිසි පරිදි සපුරා ගැනීමට මේ නොතිත් අධ්‍යාපනයට ඔබ සූදානම් විය යුතුයි. ඒ නිසා හැම මොහොතකම අලුත් දැනුමක් අපේක්ෂාවෙන් හුස්ම ගන්න. එවිට දැනුම ඔබට ජීවය දිය හැක.
.jpeg)
❤️
ReplyDelete❤
ReplyDelete❤
ReplyDelete