ඉතිහාසය වෙනස් කල හදවතක වීරත්වය
ඉතිහාසය නෝකී මේ කතාව අපට මුන ගැසෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය අතර මැද අපේ කතා නායකයා නිකලස් වින්ටන්.
වින්ටන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්.1938 දී ඔහු ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කරන්න යනවා.හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව සදහා තියෙන දැඩි කැමැත්ත නිසා ඔහුගේ අරමුණ වුනේ නිවාඩුව ක්‍රියාශීලි ව ගත කීරීම.
ඒත් වින්ටන් තමන්ගේ නිවාඩුව අතර මග නතර කරලා චෙකෝස්ලෝවියාවට ගමන් කරනවා .ඒ දෙවෙනි ලෝක යුද්ධයේ උනුසුම සමග එහි ස්තාපිත කර තිබූ මානුෂිය සේවා ආදාර සපයන කන්ඩායමක සිටි මිතුරෙකු ගේ සහයට.
මිතුරා සමග වැඩ කරමින් සිටින අතර වාරයේ ජන්මානු හමුදාව අතින් පිඩාවට පත්වෙන යුදෙව්වන් ගේ සැබෑ තත්ත්වය වින්ටන් දෑසින්ම දකිනවා.
වින්ටන් ගේ ජිවිත ගමන වෙනස් වන්නේ ඒ ඇති වුනු තිගැස්ම සහා කම්පාව නිසා.තමන් නතර වී සිටි හෝටල් කාමරය යුදෙව් දරැවන් ගලවා ගැනීමේ මද්‍යස්තානයක් බවට පත් කරන ඔහු එතැන් පටන් විවිධ උපාය උපක්‍රම මගින් දහස් ගනනක් යුදෙව් දරැවන් ගේ ජීවිත බේරා ගැනීමට සමත් වෙනවා.
වින්ටන් ට මේ කාර්‍ය නිදහසේ කරගෙන යන්න ජර්මානුවන් ඉඩ ලබා දෙන්නේ නෑ. වින්ටන් තිර්නාත්මක තීරණාත්මක මෙහෙයුමක් අරබන්නේ මේ අතර ,ඒ කින්ඩර් ට්‍රාන්ස්පෝර්ට් නැමැති මෙහෙයුම මගින් දුම්රියකින් දරැවන් දහස් ගනනක් චෙක් ජනරජයේ න් පන්නාගෙන බ්‍රිතාන්‍ය යට ගෙනයාම.
දැඩි දුශ්කරතා මද්‍යයේ වින්ටන් දියත් කල මෙහෙයුම සාර්ථක වෙන්නේ යුදෙව් දරැවන් ගේ ජීවිත ආරක්ෂා කරමින්.ඔවුන්ගේ දෙමාපියන් ජර්මන් වදකාගාරවල මිය ගියත් ,දරැවන් ගේ ජිවත බුක්තිවිදින්න මේ හරහා අවස්තාව ලැබෙනවා .වින්ටන් කල මේ මානුෂිය මැදිහත් වීම නිසා පසුකලෙක ඔහුට නයිට් මානයක් පවා හිමි වෙනවා

❤
ReplyDeleteGreat
ReplyDelete