සීගිරිය
සීගිරිය මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ පිහිටි මුහුදු මට්ටමින් 350m ක් පමණ උසැති ශ්‍රී ලංකාවේ උතුරු අඩතැනි කලාපයේ කැපී පෙනෙන භූ ලක්ෂණයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ලෝක උරුමයකි.
වර්තමානයේ අපට දක්නට ලැබෙන සීගිරියේ ප්‍රධාන ඉදිකිරීම් සියල්ලම බිහිව ඇත්තේ 1 වන කාශ්‍යප රජුගේ (ක්‍රි.ව.477- 495) පාලන සමයේදී ය. ලෞකිකත්වයට වඩාත් නැඹුරු වූ කාශ්‍යප රජු කුවේරයාගේ ආලකමන්දාව පරිද්දෙන් සිය රාජධානිය ගොඩ නඟාගත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. ක්‍රි.ව. 6-7 සියවස්වල දී මුල්ම ආරාමිය අවධියට අයත් කටාරම් කෙටූ ගල්ලෙන් තවදුරටත් වැඩි දියුණු වී ඇති අතර බෝධිඝරය, දාගැබ ආදී පූජනීය ගොඩනැගිලිද ඉදි විය.
ආයත චතුරශ්රාකාර බිම් සැළැස්මකට අනුව නිර්මාණය කර ඇති සීගිරි නගර සැළැස්ම බටහිර, නැගෙනහිර දිශානුගතව විහිදෙන්නෙකි. සංකීර්ණය වටා ප්‍රාකාර තුනක් හා දිය අගල් දෙකකි. ඒ ඔස්සේ අභ්‍යන්තරයට පිවිසීම සඳහා සිව්දෙසින් දොරටු සතරකි. සීගිරි සැළැස්මෙහි කැපී පෙනෙන අංගය වන ජල උද්‍යානය, බටහිර පාර්ශවයෙහි විශාල බිම් සරියක් පුරා පැතිරී ඇති අතර එහි නිර්මාණ ලක්ෂණ අනුව ප්‍රධාන කොටස් හතරකි. එනම්, මුල්ම කොටස ක්ෂුද්‍ර ජල උද්‍යානය නම් වන අතර සෙසු කොටස් අංක 1,2,3 වශයෙන් වර්තමානයේ නම් කර ඇත.
සීගිරි බිතු සිතුවම් හා හාත්පස පරිසරය පිලිබද සෞන්දර්යාත්මක හැඟීම් මනාව කාව්‍යයට නගා ඇති කුරුටු ගී සාහිත්‍යයමය වශයෙන් හා භාෂාමය වශයෙන් වැදගත් වන්නා සේම සමකාලීන සමාජය පිලිබද තොරතුරු ලබා දීම කෙරෙහිද දායක වේ.

🌟
ReplyDelete💙
ReplyDelete🍃💚
ReplyDelete👌👌
ReplyDelete