Saturday, December 3, 2022

මහජන සම්බන්ධතා

 මහජන සම්බන්ධතා 


සෑම සංවිධානයකම පැවැත්ම සඳහා එම සංවිධානය හා ඊට අදාළ මහජනයා අතර ඵලදායී සම්බන්ධතාවක් පැවතීම වැදගත් වේ. විවිධ පර්යේෂකයන් හා අධ්‍යන ආයතන විසින් මහජන සම්බන්ධතා පිලිබද විවිධ නිර්වචනද ඉදිරිපත් කර ඇත. එක් එක් නිර්වචන වල වචන, යෙදුම් හා විස්තර කිරීම වෙනස් ලෙස පෙනුනත් ඒවායේ අර්ථය සමාන වේ. ඒ අතර නිර්දේශිත නිර්වචන දෙකක් දැක්විය හැකිය. 

"මහජන සම්බන්ධතා යනු, කිසියම් ආයතනයක් සහ එයට අදාළ ජනතාව අතර අන්‍යෝන්‍ය  අවබෝධය ස්ථාපිත කර පවත්වාගෙන යාම සඳහා සිතාමතා, සැලසුම්සහගතව, ඉවසීමෙන් යුතුව දරනු ලබන ප්‍රයත්නයකි."

                - බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ආයතනය-

"මහජන සම්බන්ධතා යනු, කිසියම් ආයතනයක් සහ එයට අදාළ ජනතාව අතර අන්‍යෝන්‍ය  අවබෝධය හා කීර්තිනාමය ගොඩනැංවීමට හා පවත්වාගෙන යාම සඳහා ගනු ලබන සැලසුම්සහගත හා කල්පවත්නා සියලු ප්‍රයත්නයන්ය."

                  - ඉන්දීය  මහජන සම්බන්ධතා ආයතනය-

මෙම නිර්වචන දෙස බැලූ බැල්මට බොහෝ සෙයින් සමානය. කෙසේ නමුත් ඉන්දීය නිර්වචනයේදී 'කීර්තිය ගොඩනැංවීම' පිලිබද කිය වේ. මෙම නිර්වචන තුළ සංවිධානයක් හා මහජන සම්බන්ධතාව අතර ද්විපාර්ශවීය වශයෙන් ගොඩනැංවෙන සන්නිවේදන සම්බන්ධතාවක් දක්වා ඇත. ඒ අනුව ඕනෑම සංවිධානයක දී මෙන්ම මහජන සම්බන්ධතාවේදී ද පදනම් ගත ක්‍රියාවලිය වන්නේ සන්නිවේදනයයි. 

මහජන සමසම්බන්ධතාව අතුරෙන් හදුනා ගත් විෂය ක්ෂේත්‍රයක් බව බැලූ බැල්මට පෙනීයයි.එහෙත් එමඟින් කෙරෙන කාර්‍යයන් හා එහි භාවිතයන් සාම්ප්‍රදායික සමාජ තුළ ද පැවති බව පැහැදිලිය. සාම්ප්‍රදායික ජන ජීවිතය තුළ කෙරෙන විවිධ සමාජ කාර්‍යයන්හිදී ඒවා සාර්ථක කර ගැනීම උදෙසා මහජන සම්බන්ධතාවක් අවශ්‍ය බව ජනයා අත්දැකීමෙන් තේරුම් ගත්හ. 


4 comments:

වැළඳගැනීමක්

වැළඳගැනීමක් ඔබ වෙනුවෙන් තිළිණයක් හමුවුණා මිලක් රහිතය බැටරි අනවශ්‍යයි බදුවලින් නිදහස් නිහඩව සිදුවන්නක් අතිශයින් පෞද්ගලිකයි සම්පූර්ණයෙන් නැවත ...