ශ්‍රී පාදස්ථානය
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් ස්ථාන අතරින් එකක් ලෙස ශ්‍රී පාදය පෙන්වා දිය හැකිය. එහි බුදුන වහන්සේගේ වම් සිරිපා සළකුණ පිහිටුවා ඇත.
සෑම වසරකම උඳුවප් මාසයේ පොහොය දිනයෙන් සිරිපා වන්දනා සමය ආරම්භ කරනු ලබයි. සැදැහැවතුන් ආගම් භේදයකින් තොරව ශ්‍රී පාද වන්දනාවේ නිරතවීම සතුටට කරුණකි. උඳුවප් මාසයෙන් සිරිපා සමය ආරම්භ කොට වෙසක් මාසයෙන් වන්දනා සමය අවසන් වේ. මැයි - දෙසැම්බර් කාලය අවාරය ලෙස හැදින්වේ.
බුදු රජාණන් වහන්සේ කැළණියට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොළ කන්දට වැඩ සිරිපා ලාංඡනය පිහිට වූ බව සඳහන් වේ. සමනොළ කන්ද පරිවාර කඳු වැටි රාශියකින් යුක්ත වන අතර එම කන්දට අධිපති වූයේ සමන් දෙවියන් ය.
සධාතුක කරඬු සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජ මහා විහාරයේ සිට සිරිපා මළුව තෙක් වැඩම කරවීම සිදු වේ. එහිදී නල්ලතන්නිය හරහා උඩමළුව කරා පෙරහැරකින් ගමන් කරනු ලබයි. එය සබරගමු,බස්නාහිර සහ මධ්‍යම යන පළාත් තුනට අයත් රත්නපුර, කොළඹ ,කෑගල්ල ,නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතරක් හරහා ගමන් කරනු ලබයි.
'ඇඩම්ස් පීක්' ලෙස ඉංග්‍රීසියෙන් හදුන්වන ශ්‍රී පාදය බහු ආගමික පුදබුමක් බවට පතව් ඇත. ඒ අනුව මුස්ලිම් බැතිමතුන් තම දෙවියන් විසින් මෙලොවට මැවූ පළමු පුද්ගලයා වන ආදම්ගේ පාදයේ සටහන ඇති බවට විශ්වාස කරන අතර හින්දු බැතිමතුන් ශිව දෙවියන්ගේ පාදයේ සටහන එහි ඇති බවට විශ්වාස කරයි.
සිරිපා වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් ස්ථාන කිහිපයක් පසු කරනු ලබයි. එනම් මකර තොරණ ,ලිහිණි හෙල, කටු කිතුල වංගුව, ධර්මරාජ ගල, සීත ගඟුල, ගෙත්තම් පාන, හැරමිටි පාන, අහස් ගව්ව, මහගිරි දඹය, සිරිපා මළුව ,සිරිපා පදමය හා දොළොස් මහේ පහන ආදියයි.
සිරිපා උඩමළුවට පැමිණි පසු තමන් ශී පාදස්ථානය වන්දනා කර ඇති වාර ගණන අනුව වන්දනාකරුවෝ එහි ඇති ඝන්ටාරය නාද කරයි.
.jpeg)
💙
ReplyDelete❤
ReplyDelete