සත්ත්ව සන්නිවේදනය
මිනිසා සන්නිවේදනය සිදු කරන්නා සේම සතුන්ගේ පැවැත්ම සඳහා ඔවුන් විසින් ද සන්නිවේදනය සිදු කරනු ලබයි. සත්ත්ව සන්නිවේදනය ඔවුන්ට ආවේණික වූ ස්වභාවයකින් යුතුව සිදු කරයි. මිනිසාගේ පැවැත්ම මෙන්ම සතුනගේ පැවැත්ම සඳහාද හේතු වන්නා වූ සත්ත්ව ප්‍රජාව අතරෙහි සිදුවන සන්නිවේදනය ලෙස හදුන්වයි.
සතුන් විසින් අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඉව කිරීම, ශබ්ද තරංග නිකුත් කිරීම, ඉරියව් ආදී විවිධ සන්නිවේදන ක්‍රම යොදා ගනු ලබයි. සත්ත්වයින්ට සෙසු සතුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට විවිධ ක්‍රම භාවිත කරයි. එහිදී ආහාර පාන ලබා ගැනීම, ආරක්ෂාව, වර්ගයා බෝ කිරීම යන ප්‍රධාන අවශ්‍යතාවන් සපුරා ගැනීමට ප්‍රමාණවත් අයුරින් සත්ත්ව සන්නිවේදනය ක්‍රියාත්මක වේ.
ඕනෑම ජීවියෙකු පරිසරය සමඟ විවිධ අයුරින් අන්තර් සම්බන්ධතා දක්වනු ලබයි. සත්ත්ව විද්‍යාඥයන්ගේගේ සොයා ගැනීම් අනුව සත්ත්ව සන්නිවේදනයේ අරමුණු හෙවත් අවශ්‍යතා කිහිපයක් හදුනාගත හැකිය. එනම්,
1. ස්ථායිතාව
2. නොනැසී ජීවත්වීම
3. ප්‍රමුඛතාවය
4. ලිංගික ආකර්ෂණය
5. ජෛව අවශ්‍යතාව
මෙහිදී ස්ථායිතාව ලෙස හැදින් වෙන්නේ අනෙක් සත්ත්වයින් අතරෙහි චිර පැවැත්ම ස්ථාවර කර ගැනීමයි. බොහෝ සතුන් සාමූහිකව ජීවත් වෙයි.
නිදසුනක් ලෙස දියකාවා වැනි සතුන් එකට ජීවත්වීම පෙන්වාදිය හැකිය.
නොනැසී ජීවත් වීම යනු, තම වර්ගයා මෙන්ම අනෙකුත් සතුන් සමඟද සන්නිවේදනයේ දී විවිධ ආරක්ෂණ ක්‍රම ජෛවීය ලෙස භාවිත කරයි.
නිදසුනක් ලෙස කටුස්සන් අනුවර්තනීය ලෙස හැදිනවිය හැකිය.
ප්‍රමුඛතාව යනු සතුන් අතර පවතින නායකත්ව ගුණයයි. සත්ත්ව ක්‍රියාකාරකම් අනුව හරකා ශක්තියද , අලියා වයසද , මී මැස්සා,බඹරු වැනි සතුන් විශේෂ කායික ලක්ෂණද ,නායකත්වය පිණිස යොදා ගනී.
ලිංගික අවශ්‍යතාව සියලු සත්ත්වයින්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පදනම් කරගනිමින් සිදු වේ. නිදසුනක් ලෙස ශබ්ද සන්නිවේදනය පදනම් කරගනිමින් උතුරු ජර්මනියේ රුක්මැඩියා ගැහැනු මැඩියා ගෙන්වීමට විශාල හඬක් නිකුත් කිරීම.
කුසගින්න ,සතුට,වේදනාව , තරහව ,ලිංගික උත්තේජනය ආදීය ජෛවීය අවශ්‍යතාව පල කිරීමේ සත්ත්ව සන්නිවේදනයේ තවත් අරමුණකි. නිදසුනක් ලෙස මී මැස්සන් ආහාර සොයා යාම.
සත්ත්ව සන්නිවේදනයේ දී තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීම උදෙසා විවිධ අයුරින් සංඥා භාවිත වේ. එලෙස භාවිත කරනු ලබන සංඥා මෙලෙස දැක්විය හැකිය.
- ශ්‍රව්‍ය සංඥා
- දෘශ්‍ය සංඥා
- රසායනික සංඥා
- ස්පර්ශය

👍
ReplyDelete❤️
ReplyDelete