අන්තර්ජාල භාවිතය
අන්තර්ජාල භාවිතය හේතුවෙන් මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ ද වෙනස්කම් රැසක් සිදුවිය. වේගවත් පණිවිඩකරණය මෙන්ම නව සම්බන්ධතා ඇති කර ගැනීමත් ඒ අතර වෙයි. රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යයට හෝ පුවත්පත්ට වඩා තොරතුරු ව්‍යාප්ත වීමත් වර්තමානයේ නව මාධ්‍ය තුළ දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම ඇතැම් ක්‍රමවේද අවිධිමත් විධි ඔස්සේ සිදු වෙයි. යම් මතවාදයක් ඉක්මනින් ප්‍රචලිත වීමටත් අන්තර්ජාල තාක්ෂණය ඉවහල් විය.
රූපවාහිනී මාධ්‍ය තම වැඩසටහන් ජනතාව අතරට රැගෙන යාමේ තවත් ක්‍රමවේදයක් ලෙසට ද මෙය භාවිත කරයි. ජනප්‍රිය නාට්‍ය හෝ රියැලිටි වැඩසටහන් සමඟ සම්බන්ධ වීමටත් ඒවා යළි නැරඹීමටත් මේ හේතුවෙන් පහසුකම් සැපයී තිබේ. යූටියුබ් මාර්ගයෙන් මෙසේ වැඩසටහන් නැවත නරඹන අතර විවිධ මාර්ගයෙන් සන්නිවේදන මාධ්‍ය ආයතන සමඟ සම්බන්ධ වීම දැකිය හැකිය.
මහජන සම්බන්ධතා වෙනුවෙන් අන්තර්ජාලය යොදා ගන්නා අවස්ථා වර්ධනය වී තිබේ. සෑම ක්ෂේත්‍රයකටම එය ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව දේශපාලන මහජන සම්බන්ධතා සඳහා ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල යොදා ගන්නා ආකාරය දැක ගත හැකිය. මෙහි අහිතකර තත්ත්වයක් වන්නේ ඇතැම් චරිත පිළිබඳව විවිධ අයහපත් මත නිර්මාණයට ද මේ මාධ්‍ය යොදාගත හැකි වීමයි.
සයිබර් ආරක්ෂාව ද මේ නිසා ම මතුව ඇති තවත් අංශයකි. විවිධ ආකාරයෙන් වෙබ් අඩවි වලට එල්ලවන තර්ජන මැඬලීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකාවට ද එසේ සයිබර් තර්ජන වලට මුහුණ දීමට සිදුවිය. ඇමරිකාව මේ වන විට අභ්‍යවකාශ බලකායක් පවා නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාව තුලද එවැනි සිදුවීම් ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ ක්‍රමවේද හඳුන්වා දී ඇත. තොරතුරු තාක්ෂණ ආරක්ෂක නිලධාරීන් පිළිබඳව ද අවධානය යොමු වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. සමාජ මාධ්‍ය හා සයිබර් ආරක්ෂාව ගැන නිරන්තර ජනතාව දැනුවත් කිරීමට ද වැඩපිළිවෙළ සකස් කර තිබේ.
.jpg)
😇
ReplyDelete❤️
ReplyDeleteWow
ReplyDelete❤️
ReplyDelete