Monday, September 26, 2022

MEDICINE FOR MIND

                ජීවිතය පහසු කරවන හොඳ පුරුදු හයක්



නවීන ලෝකයේ සියලු දෙනාම ගත කරන්නේ කාර්යබහුල ජීවන රටාවක් රැකියාවක් හෝ අධ්‍යාපන කටයුතුත් සමඟ බොහෝ දෙනා නොදැනුවත්වම මානසික ආතතිය විශාදය හෝ සාංකාව වැනි තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා මෙවන් තත්ත්වයන් මගහැර ගනිමින් එදිනෙදා කටයුතු සැහැල්ලුවෙන් සිදුකර ගැනීමට ඇත්නම් නිසැකයෙන්ම එය තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට මහත් පිටිවහලක් වෙනවා.
අපගේ ජීවිත හැඩ ගැසී ඇත්තේ හුරුපුරුදු මතයි. යම් අයෙක් යහපත් මට්ටමේ ජීවිතයක් ගත කරන්නටත් තවත් අයෙක් අයහපත් මට්ටමේ ජීවිතයක් ගත කරන්නටත් හේතු වන්නේ එම පුරුදුයි. ඒ අනුව යම් අයකුට ජීවිතයේ යහපත් වෙනසක් සඳහා එදිනෙදා හුරු පුරුදු වෙනස් කිරීම මගින් ඒවා සාක්ෂාත් කරගත හැකි වෙනවා. මේ සඳහා එදිනෙදා සිදු කළ හැකි සරල හොඳ පුරුදු කිහිපයක් පවතිනවා.

 
1. අවදි වූ වහාම සමාර්ට් ජංගම දුරකථනය පිරික්සන්න එපා

වර්තමානය වනවිට සෑම අයකු අතම ස්මාර්ට් ජංගම දුරකථනයක් පවතිනවා. දවසෙන් වැඩි කාලයක් බොහෝ දෙනා ගත කරන්නේ ඒ හරහා සමාජ මාධ්‍යන්ගේ හෝ අන්තර් අන්තර්ජාලයේ සැරිසරමින් එමගින් තොරතුරු විශාල ප්‍රමාණයක් ගලා ඒම නිසා ඒ තොරතුරකට පසු ඊට අදාළ තවත් තොරතුරකට නිතැතින්ම ඇස යොමු වනවා. මේ නිසා එක් වරක් පිරික්සීමේදී තමන්ටත් නොදැනීම පැයක් හෝ ඊට අධික කාලයක් ජංගම දුරකථනය භාවිතා වනවා. ඒ හේතුවෙන් වඩා වැදගත් කටයුතු වලට යොමු කළ යුතු අවධානය ද බිඳී යනවා. ඒ සෞඛ්‍යයට හෝ දෛනික කටයුතු වලට එතරම් සුබදායී යමක් නොවේ. එය මගහැර උදෑසනම ජංගම දුරකථනය පිරික්සීම වෙනුවට ශාරීරික යෝග්‍යතා කටයුත්තක යෝගා හෝ භාවනා කටයුත්තක සුළු මොහොතක් යෙදීම දවසට ජවයක් ගෙන ඒමට උපකාරී වෙයි.

         2. දවස ආරම්භයේ දී එදිනට කළයුතු කටයුතු පෙළගස්වා ගන්න

 සියලු දෙනාට දිනයක් තුළ දී සිදු කිරීමට මොන ආකාරයේ හෝ කටයුතු ප්‍රමාණයක් පවතිනවා. දවස ආරම්භයේ දී ඒ කටයුතු පෙළ ගස්වා ගැනීම වඩා පහසුවෙන් කටයුතු කර ගැනීමට උපකාරී වනවා. මේ සිදු කිරීමේ දී වඩා වැදගත් අත්‍යවශ්‍ය කටයුතු මුලින් සහ අවශේෂ කටයුතු පසුව ට යෙදෙන පරිදි පෙළගස්වා ගැනීම වැදගත්. එමගින් කිසිවක් මග නොහැර කටයුතු සියල්ලම සිදු කර ගත හැකි වනවා. 
එමෙන්ම ඉහත පරිදි වැඩ බෙදා වෙන් කර ගත් පසු ඒ ඒ කටයුත්තට අවශ්‍ය අවධානය වෙන වෙනම ලබාදීම වැදගත් කටයුත්තක් කරමින් වෙනත් කටයුත්තක් පිළිබඳ සිතමින් කටයුතු කිරීම හෝ එකවර කාර්යයන් කිහිපයක නිරත වීම වඩා ඵලදායි වන්නේ නැහැ.

         3. පොතක් කියවන්න

 කාර්යබහුලත්වය සහ තාක්ෂණය නිසා බොහෝ දෙනා අද කියවීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් මනස සන්සුන් කර ගැනීමට සහ නිර්මාණශීලිත්වය ඉහළ නංවා ගැනීමට කියවීම තදින් ඉවහල් වනවා. විශේෂයෙන්ම නින්දට පෙර පොතක් කියවීමෙන් සුවබර නින්දක් ලබා ගැනීමේ හැකියාවක්ද පවතිනවා. ඔබ කියවීමට අකමැතිනම් අයෙක් නම් පටිගත කළ ග්‍රන්ථ හෝ බාගත කර සවන්දීමේ හැකියාව පවතිනවා. 

ඒ සිදුවීම් දෙස වෙනස් දෘෂ්ටිකෝණයකින් බැලීමට නව නෙතක් විවර කර දෙනු ඇත. 

 

4. එළිමහනේ මිනිත්තු කිහිපයක් ගත කරන්න

ගහකොළ සතා සිවුපාවන් සමඟ මොහොතක් ගත කිරීමට බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ නැහැ. බොහෝ විට එමඟින් ඇති වන නිශ්චිත ප්‍රයෝජනයක් නොපෙනීම ඊට හේතු වන්නට පුළුවන්. කෙසේ නමුත් මේ පුරුද්ද මගින් දවසේ කුමන කාලයක වුවද ක්ෂණික නැවුම් බවක් ගතට හෝ මනසට ලබාගත හැකිවනවා. පැළයකට සාත්තු කිරීම හුරතල් සත්වයෙකු සමඟ කල් ගත කිරීම වැනි දේ මේ හා සමගින් සිදු කළ හැකියි. 


5. ජීවිතයට වටිනාකමක් එක් කරන පුද්ගලයන් පමණක් ඇසුරු කරන්න

යහපත් ජීවිතයක ප්‍රධාන අවශ්‍යතාවක් වන්නේ පුද්ගල ආශ්‍රයයි. නමුත් තෝරා බේරා ගැනීමකින් තොරව ජීවිතයේ අවධීන් තුළ හමුවන සියළුම පුද්ගලයන් ආශ්‍රයට යාමෙන් යහපතක් සිදුවන්නේ නැහැ. එමගින් ජීවිතය වියවුල් තත්ත්වයකට ඇද වැටෙනවා. විශ්ලේෂකයන් පවසන පරිදි ඕනෑම පුද්ගලයෙක් තමා ළඟින් ඇසුරු කරන පුද්ගලයන් පස් දෙනාගෙන් තමාගේ පෞරුෂය ගොඩනගා ගනු ලබනවා. එම නිසා තමා එදිනෙදා ඇසුරු කරන පුද්ගලයන් මනුෂ්‍ය වටිනාකම් වලට ගරු කරන යහපත් පුද්ගලයන් වීම වඩාත් සුදුසුයි.


6. වැඩියෙන් සවන් දෙන්න. අවශ්‍ය දේ පමණක් කතා කරන්න

බොහෝ දෙනෙකුට ඇති ගැටලුව වන්නේ අදහස් ඉදිරිපත් කළ යුතු අවස්ථාව සහ සවන් දිය යුතු අවස්ථාව හඳුනා නොගැනීමයි. හොඳින් සවන් නොදී තමා අදහස් ඉදිරිපත් කිරීම පුහු වැදගත්කමක් ලෙස සැලකීමටත් බොහෝ දෙනා පෙලඹී සිටිනවා. එමගින් සෑම විටම සිදුවිය හැක්කේ අවාසි සහගත යමක් පමණයි. නමුත් හොඳින් සවන් දීමට හුරු වීම වඩා නිවැරදියි දේ ග්‍රහණය කර ගැනීමට හැකියාව සලසා දෙනවා. ආකල්පයක් නව ජවයක් ජීවිතයට එක් කර ගැනීමටත් මෙය ප්‍රයෝජනවත් වෙනවා.

 
ඉහත සඳහන් කළ සරල පුරුදු වලට අමතරව එකිනෙකාට සුදුසු ප් පරිදි තම ජීවිතවල ඉදිරිය සඳහා ව වැදගත් වන තවත් පුරුදුද හුරු කරගත් හැකි ද හුරු කරගත හැකි එමගින් තමන් තමන් ලෙස සමාජය ඉදිරියට යාමක් සිදු වනවා ඊට අමතරව ජීවිතය තෘප්තිමත් ලෙස ගත කිරීමට ද ඉඩ සැලසෙන බව නො අනුමානයි.


4 comments:

වැළඳගැනීමක්

වැළඳගැනීමක් ඔබ වෙනුවෙන් තිළිණයක් හමුවුණා මිලක් රහිතය බැටරි අනවශ්‍යයි බදුවලින් නිදහස් නිහඩව සිදුවන්නක් අතිශයින් පෞද්ගලිකයි සම්පූර්ණයෙන් නැවත ...